ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක්



මේ මස අගදී  ජිනිවාහී එක්සත් ජාතීන්ගේ  මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි වාර්ෂික සැසිවාරයට ශ්‍රී ලංකාව පිළිබඳ තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍යය සැලසුම් කරමින් සිටින බව තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන මෙම නව යෝජනාව හුදෙක් 2015 වසරේ සම්මත වූ යෝජනාවේ ඇතුළත් වගකීම් ක්‍රියාවට නැංවීම අවධාරණය කිරීම පමණක් ඉදිරිපත් කරන බවත් , ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද බ්‍රිතාන්‍ය රජය නිකුත් කර ඇති නිවේදනයක සඳහන්ව ඇත.

ශ්‍රී ලංකාවේ සංහිදියාව ප්‍රවර්ධනය කිරීම සඳහා වන එම යෝජනාව කැනඩාව, ජර්මනිය, මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රෝ යන රාජ්‍යයන් සමඟ එක්ව ඉදිරිපත් කිරීමට ඔවුන් කටයුතු කරනු ඇතැයි එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

2015 වසරේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මණ්ඩලය සම්මත කර ගත් යෝජනාව ඉදිරිපත් කිරීමටද එක්සත් රාජධානිය ඇතුළු  එම රටවල් මුල් විණි.

එහි ප්‍රගතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේ 40 වන සැසි වාරයේදී චාචික වාර්තාවක්  ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. එම සැසිවාරය ලබන 25 වන දා සිට මාර්තු 22 වන දා දක්වා පැවැත්වීමට නියමිතය.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS