ශ්‍රමිකයින් වෙනුවෙන් රක්ෂණ වන්දි



ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශගතව සිටියදී කොවිඩ්-19 වැළඳී මරණයට පත්වී ඇති ශ්‍රමිකයින් වෙනුවෙන් රක්ෂණ වන්දි පිරිනමන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා සඳහන් කරයි.

මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් මැද පෙරදිග කලාපයේ රටවල රැකියාවල නියුතුව සිටි 40 දෙනෙකු පමණ මිය ගොස් ඇති අතර එයින් පිරිමි 37 දෙනෙක් පිරිමින් වේ.

සෞදි අරාබියෙන් 18ක්, කුවේට් හි 9ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 8ක්, ඕමාන් සහ කටාර් 2 දෙදෙනා බැගින් හා එක් මරණයක් ලෙබනන්වලින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස්ගතව රැකියාවේ යෙදී සිටියදී සිදුවන සාමාන්‍ය මරණයක දී ගෙවන වන්දිය වන රුපියල් ලක්ෂ 5ක මුදල කොවිඩ්-19 රෝගය වැළදී මියයන ශ්‍රමිකයින් වෙනුවෙන්ද ගෙවන අතර, දැනටමත් ඒ සඳහා 20 දෙනෙකුගේ ලිපිගොනු සකස්  සකස් කෙරෙමින් පවතී.

එහෙත්, 2020 මාර්තු 16 න් පසුව ලියාපදිංචිය ලබා විදේශගතවූ ශ්‍රමිකයින් වෙනුවෙන් එම වන්දිය රුපියල් ලක්ෂ 6 දක්වා වැඩි කර ඇත.

එමෙන්ම කාර්යාංශයේ ලියාපදිංචිය ලබා එහි කාලය ඉක්මවා තිබිය දී එය අළුත් නොකර සේවය කරමින් සිටිය දී මියයන අය වෙනුවෙන් රක්ෂණ වන්දි හිමි නොවන අතර, ඒ අය වෙනුවෙන් කාර්යාංශයේ විශේෂ සුභසාධන අරමුදල යටතේ රුපියල් ලක්ෂ 3 බැගින් වන්දි පිරිනැමේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS