වියට්නාම් තෙරුන්ට සභාපති ධුරය



වියට්නාම් ජාතික ධම්මානන්ද තීච් පොක් න්ගොක් තෙරණුවන් වෙත සභාපති ධුරය පිළිබඳ සහතික පත්‍ර ප්‍රදානය පසුගිය දා සිදුවිය.

ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම මැතිවරණ කොට්ඨාශයේ සියඹලාපේ දික්වෙල පාරේ අංක 304/ඩී හි පිහිටි ඉසුරු ළමා සංවර්ධන මධ්‍යස්ථානය කාරක සභිකයන් විසින් වියට්නාම් ජාතික ධම්මානන්ද තීච් පොක් න්ගොක් තෙරණුවන් වෙත එකී ළමා නිවාසයේ පාලක සභාවේ සභාපතිධුරය පිරිනැමුවේය.

මෙම පත්වීම ඉහත ලිපිනයේ ස්ථාපිත ළමා නිවාස පවත්වාගෙන යාම සඳහා සහ ළමයින්ගේ රැකවරණය සහ පෝෂණය පිණිස උපකාර කිරීමට යොදා ගනු පිණිස ප්‍රදානය කරන ලදී.


RECOMMEND POSTS