වියට්නාම බෞද්ධ දූත පිරිස ලංකාවේ



දකුණු වියට්නාමයේ සංඝනායක  හිමිනමක් වූ පූජ්‍ය Pham Van  Cang, Thich Phnoc Ngoc – Vinh Long හිමියන් ප්‍රමුඛ බෞද්ධ දූත පිරිසක්  පසුගිය දා ලංකාවට වැඩම කළහ.

උන්වහන්සේලා කොටවෙහෙර දැලිවල රජමහා විහාරයේ සර්වඥ ධාතුන්වහන්සේලා වැද පුදා ගත්හ. අනතුරුව නුවර දළදා මාළිගාවට වැඩම කොට උතුම් දළදා වහන්සේ වැදපුදා ගත්හ. ඒ සමගම සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අතිපූජනීය මහානායක මා හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.

ශ්‍රී ලංකා ප්‍රාජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් මෙම බෞද්ධ දූත පිරිස අරලිය ගහ මන්දිරයේදි පිළිගනු ලැබීය. අනතුරුව විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ මෙම දූත පිරිස එතුමා සමග පිළසදර කතා බහ කළහ.

අම්බලන්ගොඩ අලුත්වල පුරාණ නන්දාරාමයේ ආගමික වැඩ සටහන් කිහිපයකට සහභාගි වූ මුන්වහන්සේලා එහි දහම් පාසල් දරු දැරියන්ට ත්‍යාග ප්‍රදානය කළහ. අනතුරු ගාල්ල මකුලොළුව ශ්‍රී බුද්ධසිංහාරාමයේ සර්වඥ ධාතු පූජාවකට සහභාගි විය.

මුල්ලේරියාව උතුර ගලහිටියාව පුරාණ විහාරස්ථානයේ ද ශාතාධික මහ සඟරුවන විෂයෙහි සාංඝික දානමය පිංකම සඳහා ප්‍රධාන අනුග්‍රහය මෙම වියට්නාම බෞද්ධ දූත පිරිස විසින් දරන ලදී. ඒ සඳහා වියටිනාමයේ ශ්‍රී ලංකා තානාපතිනිය ද සහභාගි වූවාය. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගල්ලැල්ලේ සුමනසිරි නාහිමියෝ ද වැඩම කළහ.

අනුරාධපුර අටමස්ථානය ඇතුළු පූජනිය ස්ථාන වැදපුදා ගත් මෙම වියට්නාම බෞද්ධ දූත පිරිස උතුරු මැද ආණ්ඩුකාර ගරු සරත් ඒකනායක මහතා ද හමුවිය. ඔහු විසින් උන්වහන්සේලාට පහසුකම් සපයන ලදි. ඉතාම සාර්ථක සංචාරයක් නිමා කළ මෙම වියට්නාම් බෞද්ධ දූත පිරිස පසුගිය දා වියට්නාමයට පෙරලා වැඩම කළහ.


RECOMMEND POSTS