විදේශයන් හිදී කරදරවලට ලක්වූ ශ‍්‍රමිකයන්ට හැටදෙලක්ෂයක් වන්දි



විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා ගොස් එරටදී විවිධ කරදරවලට ලක්වූ ශ‍්‍රමිකයින් 55 දෙනෙකු වෙනුවෙන් ලක්‍ෂ 62ක වන්දි මුදලක් ඊයේ දින (08) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවක සුභසාධක අරමුදල ම`ගින් ලබා දෙන ලදී.

මෙසේ ලබාදුන් වන්දි මුදල් අතරට විදේශ රැුකියාව අතරතුරදී හා මෙරටට පැමිණීමෙන් පසු සිදුවූ මරණ 16ක් සඳහා රු.4,150,000.00 ද,  වෛද්‍යාධාර සඳහා ශ‍්‍රමිකයින් 13 දෙනෙකු හා යැපෙන්නන් සඳහා ශ‍්‍රමිකයින් 5 දෙනෙකු වෙනුවෙන් රු.2,050,000.00 ද පිරිනැමිණි.  

විදේශ රැුකියා සඳහා ලියාපදිංචි ශ‍්‍රමිකයින්ට වන්දි ලබාදෙන රක්‍ෂණ ක‍්‍රමයට ඇතුළත් නොවූ මියගිය හා ආබාධිත වූ වන්දි ලාභීන් වෙනුවෙන් ල විගමනික සේවක සුභසාධන අරමුදල ම`ගින් මෙසේ වන්දි මුදල් ලබාදුන් අතර රක්‍ෂණ කාලය අවසන් වී තවදුරටත් එය දීර්ඝ නොකර සේවයේ යෙදී සිටි හා රක්‍ෂණ ක‍්‍රමය ම`ගින් ආවරණය නොවූ තත්වයන් වෙනුවෙන් මෙම වන්දි ප‍්‍රදානය කෙරිණි.

2016 වර්ෂය සඳහා සේවක සුභසාධන අරමුදලින් විගමනික ශ‍්‍රමිකයින් 110 දෙනෙකු වෙනුවෙන් රු. 16,765,000 (රුපියල් එකසිය හැට හත් ලක්‍ෂ හැටපන් දහසක්) වන්දි වශයෙන් පිරිනමා තිබේ. 

 

 විනීතා එම් ගමගේ


RECOMMEND POSTS