විදේශ සේවා නියුක්ති කාර්යංශය මහජන සහය පතයි



සෞදි අරාබියේ රැකියා සඳහා ගිය පසු කිසිඳු තොරතුරක් නොමැති කාන්තාවන් 8 දෙනෙකෙු හා පිරිමින් දෙදෙනෙකු පිළිබදව තොරතුරු සොයා ගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා  නියුක්ති කාර්යංශය මහජන සහය පතයි. 

මෙවුන් පිළිබද කිසිදු තොරතුරක් නැතැයි පවුලේ සාමාජිකයින් කාර්යාංශයට පැමිණිලි කර ඇති බැවින් ද, ඔවුන් සම්බන්ධයෙන් සොයාබැලීමට සෞදි තානාපති කාර්යාලයට අවශ්‍ය බැවින් ද මේ සම්බන්ධයෙන් මහජන සහය බලාපොරොත්තු වන බව කාර්යංශය කියයි.  

සෞදි අරාබියේ රැකියාවේ නියුතු පහත නම් සඳහන් අය පිළිබඳව තොරතුරු දන්නා අය වෙතොත් කාර්යාංශයේ විදේශ සබඳතා අංශයේ 011 4379328 දරන දුරකථන අංකයට දැනුම් දෙන මෙන් කාර්යංශය ඉල්ලිමක් කරයි.  


1.  පී ඒ සුරම්‍යා, 72 ඞී, මහවත්ත, පහළගම, ඇහැලියගොඩ.
2.  ඒ.එම්. ජයන්ති, ගලයාය, මහනන්නේරිය, ගල්ගමුව
3.  පී.මනි මේඛලා, නො.49, බෝවේ වත්ත, ඉදල්ගස්හින්න
4.  ඩබ්.ඞී.අමිතා ජයසිංහ, 04 කණුව, රාජාංගනය
5. එම්.එස්.කල්යාණි,  වක්කඩහින්න, කැප්පෙටිපොල
6. කේ.ජී.සී.පොඩිමැණිකේ, 552-දකුණ, ඇතුන්ගම, තිරප්පනේ.
7. එම්.නිලූකා කුමාරි, නො.194-්, මුත්තෙට්ටුව, මාරස්සන
8. ඞී.පී.නීටා නන්දනී,  නො.01, ඉ/කොස්වාඩිය, මහවැව
9. එන්.බී.චාන්දනී,  නො 10, චාලි මවුන්ට් වත්ත, උඩුනාව, දෙනිපිටිය
10. කේ.එල්.රන්ජනී,  එමින්ෆෝට් වත්ත, පරකඩුව, රත්නපුර
11. පී.කේ.සුගත්, නො.100, සැලසුම්ගම, දොලකන්ද, දෙහිඅත්තකණ්ඩිය
12. ඊ. විග්නරාසා,  පද්දිරිප්පු, කලවන්චිකුඩි

 


RECOMMEND POSTS