විදේශ රැකියාවලට යන ශ‍්‍රමිකයන්ගේ වැටුප් වැඩිවෙයි



විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා වල නිරත වන ශ‍්‍රමිකයින්ගේ අවම වැටුප, ඉකුත් පළමු වෙනිදා සිට පුහුණු ශ‍්‍රමිකයින් සදහා ඇමරිකානු ඩොලර් 450 ක් ලෙසද, නුපුහුණු ශ‍්‍රමිකයින් සදහා ඇමරිකානු ඩොලර් 350 ක් ලෙසද වැඩි තර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

විදේශ රැකියා සදහා පිටත් වන විගමණික ශ‍්‍රමිකයින්ගේ අවම වැටුප ඉහළ නැවීමට අයවැයෙන් කළ යෝජනාව අනුව මෙම වැටුප් වැඩි වීම කි‍්‍රියාත්මක වන බව විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය ලංකාදීපටය පැවැසුවාය.

ඒ අනුව ඉකුත් පළමුවැනිදායින් පසු විදේශ රැකියාවලට යන ශ්‍රී ලාංකිකයින් සදහා  නව සංශෝධිත අවම වැටුප් වලට පමණක් කාර්යාංශය අනුමැතිය ලබා දෙන අතර, එම වැටුප ලැබීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගත වන ලෙසත් අමාත්‍යවරිය ඉල්ලා සිටියාය.

ඉහත අවම වැටුප් කාණ්ඩ දෙකට අයත්වන, ඒ ඒ රැකියාවන් පිළිබද තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 011 2 864 107 - පලමු අනුමැති අංශය, 011 2 880 500 - පොදු දුරකතන අංකය, 011 2 251 148 - 24 පැය සේවාව, 011 2 251 386 - 24 පැය සේවාව, 1989 - ක්ෂණික ඇමතුම් අංකය යන දුරකතන අංක වලින් ලබා ගත හැකි බව ද කාර්යංශය කියයි.

 

 විනීතා එම් ගමගේ

 

 


RECOMMEND POSTS