විදෙස්ගත ලාංකිකයින් එවන මුදල්වලට බදු නැහැ



යෝජිත නව බදු පනත මගින් විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට එවනු ලබන මුදල් සඳහා අමතර කිසිදු බදු පැනවීමක් සිදු නොවන බව රජය කියා සිටී.

එදේස දැනට සේවක අර්ථසාධක අරමුදල් ලාභීන්ට  එවැනි කිසිදු බදු පැනවීමක් නොකෙරන බවද සඳහන්ය.

එමෙන්ම, මෙම නව බදු පනත ක්‍රියාත්මක වූවාට පසුව වුවද තවද  උපයන විට ගෙවීමේ බදු (PAYE) සඳහා වන නිදහස් සීමාව දැනට පවත්නා රු. 750,000 වාර්ෂික සීමාව රු. 1,200,000 දක්වා වැඩිකරනු ලැබ ඇති බවත් ඒ අනුව දැනට උපයන විට බදු ගෙවන බොහෝ අයට බදු ගෙවිය යුතු වන්නේ නැති බවත් එමඟින් අවධාරණය කෙරේ.

 තවද මෙම බදු පනත මඟින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයට අයත් කිසිදු නිලධාරියෙකුගේ රැකියාවේ සුරක්ෂිතතාවයට කිසිදු හානියක් සිදු නොවන බව රජය කියා සිටී.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS