විදෙස් ලාංකික දරුවන්ට සමාන්‍ය පෙළ



විදෙස් රටවල වෙසෙන ශ්‍රි ලාංකික දරුවන්ට සමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටිමේ අවස්ථාව සලසාදීමේ වැඩසටහනේ පළමු අදියර රටවල් තුනකින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඕමානය, කටාර් හා ඉතාලිය යන රටවල්වලින් එම වැඩසටහන ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

එම රටවල තනාපති කාර්යාල හරහා ඊට අදාළ කටයුතු මේ වන විට සිදුකෙරෙන බව ද ඔහු පවසයි.  

අනතුරුව ඕමානය, කටාර් සහ ඉතාලිය යන රටවල්වල වෙසෙන සමාන්‍ය පෙළ විභාගය සදහා සුදුසුකම් ලබන ශ්‍රී ලාංකික සිසුන් එරට තනාපති කාර්යාල මාර්ගයෙන් විභාග කටයුතු සදහා යොමුකිරිමට නියමිතයි.

අධ්‍යාපනයේ නව ප්‍රවණතා හදුනාගැනිමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා වැඩිදුරටත් සදහන් කළේය

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS