විදෙස් ඇමැතිගේ ඩුබායි සංචාරය



දැනට ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා හදිසියේම එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

අමාත්‍යවරයා එමීරය බලා පිටත්ව ගොස් ඇති අතර එමීරයේ අගනුවර වන අබුඩාබි නුවරදී මෙම විශේෂ හමුව සිදු වූ බවද එම රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ සංදේශයක් එරට විදේශ අමාත්‍ය අන්වර් බින්  මොහොමඞ් ගර්ගාෂ් මහතා හමුවේ බාර දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි

දැනට ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඇතළු දෙරට අතර බලපාන ද්විපාර්ශවික ගැටලු නිරාකරණය කර ගැනීම් පිළිබඳව ද තිලක් මාරපන අමාත්‍යවරයා එමීර්  විදේශ අමාත්‍යවරයා සමඟ දීර්ඝ සාකච්ඡා පවත්වා ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි පොලිස් අත්අඩංගු-වට පත් සැකකරුවන් කිහිපදෙනෙකුම පසුගිය දින කිහිපයේදී නිල දැනුම්දීමකින් තොරව ලංකාවට එවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් පත්ව ඇති අපහසුතාවය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා එමීර් විදේශ අමාත්‍යවරයා හමුවේ කරුණු සැලකර ඇතැයිද දැන ගන්නට ලැබේ.
මෙම සංචාරය අමාත්‍යවරයා පෙර සැලසුම් කළ සංචාරයක් නොවන බවද රරජයේ ආරංචි මාර්ග කියා සිටී.

මේ අතර විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සහ එමීර විදේශ කටයුතු අමාත්‍යවරයා අතර සිදුවූ මෙම හමුව සම්බන්ධයෙන් එමීර් විදේශ කටයුතු අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ තොරතුරු දක්වා ඇතිර අතර එහි සඳහන් වන්නේද තිලක් මාරපන අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගේ පණිවිඩයක් එරට විදේශ ඇමති බාර දුන් බවය.

අමාත්‍ය තිලක් මාරපන මහතා එමීර විදේශ අමාත්‍යවරයා හමුවන අවස්ථාව දැක්වෙන් ඡායාරූපයක්ද එක්සත් අරාබි එමීර් රාජ්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ දැක්වේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS