විදෙස් ඇමැති ලංකාවට යවන්න



ජාත්‍යන්තර මුහුද ආසන්නයේ ධීවර කටයුතු වල නිරත තමිල්නාඩු ධීවරයින්ගේ ආරක්ෂාවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඉන්දීය මධ්‍යම රජය විසින් එරට විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා ශ්‍රී ලංකාව යැවිය යුතු බව තමිල්නාඩුවේ එල්.ටී.ටී.ඊ හිතවාදීයෙකු සහ එරට පී.එම්.කේ නායක එස්.රාම්දෝස් ප්‍රකාශ කර ඇතැයි නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කළේය.

ඉකුත් 31 වැනිදා කච්චතිව් මුහුද ආසන්නයේ මසුන් මැරීමේ කටයුතු වල නිරතව සිට ධීවරයින් 3000කට අධික පිරිසක් සහ බහුදින යාත්‍රා 500 කට ආසන්න පිරිසකට ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ගේ  ප්‍රහාරයකට ලක්ව ඇතැයිද රාම්දෝස් වැඩිදුරටත් කියා සිටින බව එම වාර්තාවේ දැක්වේ.

මෙවැනි පහරදීම හෙළා දැකිය යුතුසේම මධ්‍යම රජය විසින් මේවා වහා නැවැත්වීමට පියවර ගත යුතු යැයිද පි.එම්.කේ නායකයා කියා සිටී.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දීර්ඝ කාලයක් තිස්සේ පවතින ධීවර ගැටළුවට ඉක්මන් විසඳුමකට එළැඹීමට කටයුතු කළ යුතු බවත් ,එසේම තමිල්නාඩු ධීවරයින් කච්චතිව් දූපත ආසන්න මුහුදේ මසුන් මැරීමේ යෙදී සිටියහොත් ඔවුන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් යැයිද හෙතෙම වැඩිදුරටත් කියා ඇතැයි නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් වාර්තාවේ සඳහන් වේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS