වැරදිකරු වූ ලාංකිකයා හිරේ



ඕස්ට්‍රේලියාවේ  පර්ත් නුවරදී   හත්  හැවිරිදි  පිරිමි දරුවන් දෙදෙනකු ලිංගික අපයෝජනයට ලක් කළැයි කියන   ශ්‍රී ලාංකිකයකුට  වසර 5 ක සිර  දඬුවමක් නියම කිරීමට එරට අධිකරණය තීරණය කර තිබේ.

එමෙන්ම එම අවුරුදු පහක සිර දඬුවම අවසන් වීමෙන් අනතුරුව ඔහු ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට ද  නියෝග කර  ඇත.
19  හැවිරිදි දයාන්තන් ස්ටැන්ලි මොහොන් රාජ් නැමැත්තෙකුට මෙලෙස  දඬුවම් නියම  කර  තිබේ. 

2016 වසරේදී  ළමා අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන්  සිව් දෙනකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනුන මෙම නඩුව අවසානයේදී ඔහු වැරදිකරු ලෙස එරට අධිකරණය  තීන්දු කළේය.

කාමුක දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් පෙන්වා   එම දරුවන් අපයෝජනයට ලක් කළ බව ට ඔහුට විරුද්ධව චෝදනා එල්ල වී තිබිණි.ස්ටැන්ලි   2012 වසරේදී  ඕස්ට්‍රේලියාවට පැමිණ තිබේ.

( තිළිණි ද සිල්වා )

 

 


RECOMMEND POSTS