වැටුපට බදු ගහන්නේ නැහැ



සෞදි අරාබියේ සේවය කරන විදෙස් ශ්‍රමිකයින්ගේ වැටුපෙන් මාසිකව සියයට 10 බදු මුදලක් මේ වසරේ සිට අය කරගන්නා බවට පළවූ පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව එරට කම්කරු හා සමාජ සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

සෞදියේ සේවය කරන මසකට සෞදි රියාල් 3000කට වඩා වැඩි වැටුපක් ලබා ගන්නා සියළුම විදේශිකයින්ගෙන් සියයට 10 බදු මුදලක් අයකරගන්නා බවට අසත්‍ය ප්‍රචාරයක් සමාජ මාධ්‍ය හරහා සීඝ්‍රයෙන් පැතිරී ගිය බවත් ඉන් එරට සිටින විදේශිකයින් බොහෝමයක් තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් බවත් එම අමාත්‍යංශය කියයි.

කෙසේ වෙතත් කම්කරු හා සමාජ සංවර්ධන අමාත්‍යාංශයේ නිල ප්‍රකාශකයෙකු වන කලීඞ් අබාල් කයිල් විසින් නිවේදනය කර ඇත්තේ විවිධ මාධ්‍ය ඔස්සේ පසුගිය කාලයේ මෙම බදු අය කිරීම් ගැන නොයෙක් ආකාරයේ පුවත් පලවී තිබුණද ඒ සියල්ලක්ම අසත්‍ය බවත් බදු අය කිරීමක් ගැන අනියත බියක් ඇති කර ගත යුතු නැති බවත්ය.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS