වසර 15ක් තොරතුරක් නොමැතිව සිටි කාන්තාව සොයාගැනේ.



ලෙබනන්හි ගෘහසේවිකාවක් ලෙස සේවයට ගොස් වසර 15ක් තිස්සේ කිසිඳු තොරතුරක් නොමැතිව සිටි මහියංගනය, හසලක, 7 ඇළ ලිපිනයෙහි පදිංචි කේ. ඉනෝකා උදයංගනී නම් කාන්තාව සොයාගෙන එරට ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධ සුරක්ෂා නිවාසයේ රදවා සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 

විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ලෙබනන් තානාපති කාර්යාලයට ලබාදුන් උපදෙස් මත ඇයව සොයාගැනීමට හැකි වූ බව කාර්යංශයේ ජ්‍යෙශ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

සේවා ස්ථානයේ දී විදින්නට සිදුවූ අනේක විධ වද හිංසා හේතුවෙන් ඇය රැකියා ස්ථානයෙන් පැන ගොස් තිබු අතර විවිධ ස්ථානවල සේවය කරන්නට ද සිදුවී තිබේ. 

 ඇයව කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී ඉකුත් 15 දා ඇයගේ මව් පිය දෙදෙනා හමුවූ අවස්ථාවේදී ප‍්‍රකාශ කළාය. 

19 හැවිිරිදිව සිටියදී 2002 වසරේදී රැකියාවක් සඳහා ඇය විදේශ ගතවී ඇති අතර, 2006 වසරෙන් පසුව ඇය පිළිබඳ කිසිඳු තොරතුරක් පවුලේ ඥාතීන්ට දැනගැනීමට නොහැකි වී ඇත. මේ පිළිබඳව ඔවුන් විසින් 2012 වර්ෂයේදී කාර්යාංශයට පැමිණිලි කර තිබේ. 

එම කාන්තාව විසින් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ තම දෙමාපියන් පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලීම් කල අතර, ඒ අනුව ඇයගේ දෙමව්පියන් පිළිබඳව තොරතුරු දැනගැනීමෙන් පසුව ඇය සම`ග සම්බන්ධවීමට හැකිවී තිබේ.  

මේ පිළිබඳව මාධ්‍ය ඔස්සේ පළවූ ප‍්‍රවෘත්තිය දැකීමෙන් පසු ඇය පිළිබඳව තොරතුරු දැනගැනීමෙන් අනතුරුව ඇයව කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු සූදානම් කර තිබේ. 

මේ සඳහා ලෙබනන් තානාපති කාර්යාලයේ තානාපතිනී ආර්.ආර්.කේ.විජේරත්න මෙන්ඩිස් මහත්මිය, තානාපති කාර්යාලයේ කවුන්සලර් ජී.ආර්.ඞී.ඞී.පේ‍්‍රමරත්න යන මහත්වරුන් මූලිකත්වය ගෙන කටයුතු කළහ. 

 

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS