ලන්ඩනයේදී කොටුවෙති



තහනම් සංවිධානයකට සම්බන්ධ යැයි සැක කෙරෙන ශ්‍රී ලාංකිකයන් සිවුදෙනකු ලන්ඩන් නුවරදී අත්අඩංගුවට ගෙන ඇතැයි බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි.

එංගලන්තයේ ත්‍රස්ත විමර්ශන පොලිසිය නැගෙනහිර එංගලන්තයේ ලූටන් ගුවන් තොටුපොළේදී එම ශ්‍රී ලාංකිකයන් සිවුදෙනා අත්අඩංගුවට ගෙන ඇතැයි පැවසේ.

ත්‍රස්ත විමර්ශන පොලිසිය මේ වනවිට එම ශ්‍රී ලාංකික ජාතිකයන් සිවුදෙනා සම්බන්ධයෙන් වැඩිදුරට විමර්ශන පවත්වන බව ද බී.බී.සී. පුවත් සේවය වාර්තා කර තිබේ.

39, 35 සහ 41 යන වයස්වල පසුවන පුද්ගලයන් සිවුදෙනකු දකුණු ලන්ඩන් පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන බවත් එම බී.බී.සී පුවත් වාර්තාවේ දැක්විණි. 35 හැවිරිදි කාන්තාවක ඇප ලබා දී තිබෙන ඇය සම්බන්ධයෙන් ද තවදුරටත් විමර්ශන පැවැත්වෙන බව ද වාර්තා වේ. 


RECOMMEND POSTS