ලංකාව සහ අැෆ්ගනිස්ථානය අතර අලුත් ගිවිසුමක්



ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර සිරකරුවන් හුවමාරු කර ගැනීමේ ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබඳව සාකච්ඡාවක් පවත්වා ඇත.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන තානාපතිවරයා අතර මෙම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තා වෙයි.

මෙරට බන්ධනාගාරවල සිටින ඇෆ්ගනිස්ථාන සිරකරුවන් පිළිබඳව මෙහිදී තානාපතිවරයා අමාත්‍යවරියගෙන් විමසා සිට ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් රජයක් ලෙස ගෙන ඇති පියවර පිළිබඳව අගය කරන බව ද ප්‍රකාශ කර ඇත.

දෙරට අතර සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුමක් මේ වනවිට නොමැති බැවින් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන අතර සිරකරුවන් හුවමාරු කර ගැනිම සඳහා ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේය.

අධිකරණයේ ස්වාධීනාත්වය නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රි ලංකා රජය ගෙනඇති ක්‍රියාමාර්ග අගය කරන බව ද මෙහිදී ඇෆ්ගනිස්ථාන තානාපතිවරයා ප්‍රකාශ කර ඇත.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS