ලංකාව නූලෙන් බේරේ



ශ්‍රී ලංකාව මානව හිමිකම් ක්ෂේත්‍රයේ ලබා ඇති වර්ධනය, ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්ව තිබේ.

වර්තමානයේ ශ්‍රී ලංකාව මානව හිමිකම් ක්ෂේත්‍රයේ ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සර්වකාලාවර්ත සමාලෝචන සැසියේදී ඇගයීමට ලක්ව ඇති බව වාර්තා වේ.

පසුගිය වසර පහ තුළ ශ්‍රී ලංකාව මානව හිමිකම් ක්ෂේත්‍රයේ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව වාර්තාව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා විසින් ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනු ලැබිණි.

එහිදී රටවල් 90ක් පමණ මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ.

එම රටවල් වලින් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාව මානව හිමිකම් ක්ෂේත්‍රයේ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ධනාත්මක ප්‍රකාශ සිදුකල බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කර සිටී.

(තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS