රැකියා වැඩියෙන් ඕනෑ



ජෝර්දානයේ සේවය කිරීම සඤහා ලාංකිකයන්ට රැකියා අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් දෙරට අතර විශේෂ අවධානයක් යොමු කරන්නැයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා එරට බලධාරීන් ගෙන් ඉල්ලා ඇත.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඉකුත් ජෝර්දානයේ තෙදින නිල සංචාරයක නිරත වූ අතර එහිදී එරට බලධාරීන් හමුවේ මෙම ඉල්ලීම කර තිබේ.

මේවන විට ජෝර්දානයේ ලාංකිකයින් 12000 කට අධික පිරිසක් කර්මාන්ත ශාලා ආශ්‍රිත විවිධි රැකියාවන්හි නිරතව සිටින අතර එම සඛ්‍යාව වැඩි කරමින් පුහුණු හා නුපුහුණු සේවකයින් බඳවා ගැනීම දිරි ගැන්වීම සම්බන්ධයෙන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ජෝර්දාන් බලධාරීන් සමඟ විශේෂ සාකච්ඡා පවත්වා ඇතැයි එම අමාත්‍යාංශ්‍ය කියා සිටී.

සේවක බඳවා ගැනීම් වැඩි කිරීම මෙන්ම සේවයින් සඳහා නිසි සුබසාධන සහ සාධාරණ වැටුප්  ගෙවීමේ පැකේජයක් සැපයීමේ වැදගත්කම ගැනද රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා මෙහිදී දැනුම්වත් කර ඇත.

රජයේ ඇමතිවරුන් සමඟ සෘජු සම්බන්ධතා පැවැත්වීම සඳහා ජෝර්දානු ව්‍යාපාරික අයිතිකරුවන් හා කළමනාකරුවන් අගය කළ රාජ්‍ය අමාත්‍යවරයා අනෙකුත් ශ්‍රම සැපයුම් රටවල් සමඟ ශ්‍රී ලංකාව තරඟ කිරීමට ලාංකිකයින්ට වර්තමාන බඳවා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා එම බලධාරීන් ගෙන් ඉල්ලුම් කිරීම අමතක නොකළේය.

 විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ජෝර්දානය සිදු කළ නිල සංචාරයක අතරතුර දී අම්මාන් නුවර පිහිටි එරට වාණිජ මණ්ඩල නිලධාරීන් හමුවූණි. එහිදී ද්විපාර්ශ්වික වෙළඳ ගැටළු පිළිබඳව සාකච්ඡා කළ අතරම ලංකාවෙන් බහුල තේ ආනයනය යොදා ගනිමින් විවිධාකාර වූ දේශීය තොග සඳහා අගය එකතු කළ තේ ආහාර සැපයීමේ හැකියාව වර්ධනය කිරීමට ජෝර්දානයේ බලධාරීන් දිරිගන්වනු ලැබීය.

දැනට ලංකාවෙන් ජෝර්දානය වෙත ආනයනය කරන ලද තේ, අසල්වැසි සිරියාව, ඉරාකය හා පලස්තීනය වෙත අපනයනය කරනු ලැබේ. තවද, ජෝර්ජියානු කෘෂිකර්ම අමාත්යාංශය සමග ශ්රී ලංකාවෙන් පලතුරු ආනයනය සඳහා තැබූ සීමාවන් පිළිබඳ ගැටළු ඉදිරිපත් කිරීමට අම්මාන් වාණිජ මණ්ඩල නිලධාරීන් එකඟ විය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS