යුරෝපයට යන්න හැදූ 558 ක් කොටුවෙයි



තුර්කිය හරහා යුරෝපයට සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් ඇතුළු  නීතිවිරෝධී සංක්‍රමණිකයින් 558 දෙනෙකු තුර්කි ආරක්ෂ අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පළවන ආනදෝලු ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර සිටී.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ එරට බටහිර එඞ්රින් පළාත හරහා යුරෝපා දේශ සීමා වෙත නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ සක්‍රමණිකයින් පිරිසකි.

ලාංකිකයින්ට අමතරව අත්අඩංගුවට පත් 558 දෙනා අතර පකිස්ථාන්, බංග්ලාදේශ, ඇෆ්ඝනිස්ථාන, මෙරොක්කෝ, ටියුනීසියා, ඉරාන, ඉරාක, පලස්තීන, ඊජිප්තු සහ සිරියා ජාතිකයින් සිටින බවද ආනදෝලු ප්‍රවෘත්ති ඒජන්සි වාර්තාවේ සඳහන් වේ.

සිරියාවේ සිවිල් යුද්ධය හේතුවෙන් අවතැන් වූ සිවිල් වැසියන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තුර්කියට පළා ආ අතර 2018 වසර අවසානය වන විට නීතිවිරෝධි සංක්‍රමණිකයින් දෙලක්ෂ දහ අට දහසක් තුර්කියේ රැඳී සිටින බව එරට අභ්‍යන්තර අමාත්‍යාංශ්‍ය සඳහන් කර සිටී.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS