මේ අය ගැන දන්නවනම් අපට කියන්න



සෞදි අරාබියේ රැකියා සඳහා ගොස් පහත නම් සඳහන් අය පිළිබඳව කිසිඳු තොරතුරක් නොමැති බවට ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ඒ පිළිබඳව කාර්යාංශයට පැමිණිලි කර ඇති බැවින්  ඒ සම්බන්ධයෙන් කටයුතු සොයාබැලීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අවශ්‍ය වී ඇත.

මොවුන් සොයා ගැනීම ස`දහා කාර්යාංශය මහජන සහය බලාපොරොත්තු වේ. විශේෂයෙන් සෞදි අරාබියේ රැකියාවේ නියුතු පහත නම් සඳහන් අය පිළිබඳව තොරතුරු දන්නා අය වෙතොත් කාර්යාංශයේ විදේශ සබඳතා අංශයේ 011 4379328 දරන දුරකථන අංකයට දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටී. 

 

1. එන්.එෆ්.රීටා මිය
විදේශ ගතවූ දිනය - 2010.01.07
ලිපිනය - 6 වෙනි පටුමග, පිල්ලෙයාර් කෝවිල පාර, කල්ලඩි.

 

2. කේ.පී.කේ.චන්ද්‍රාවතී මිය 
විදේශ ගතවූ දිනය - 2008.09.17
ලිපිනය - අංක 334 බාරේ, කුරුළු බැද්ද, 28 කොටස, ඇතිමලේ 

 


3. පී.ජී.කමණි මිය
විදේශ ගතවූ දිනය - 2007.07.04
ලිපිනය - අලූත්වත්ත, මැද්දෙපොල, ගිරිඋල්ල

 


4. ඒ.එස්.එම්.සුජහන් මයා
විදේශ ගතවූ දිනය - 2005.10.28
ලිපිනය - 43/41, 05 වන පටුමග, මිහිඳුගම, රත්නපුර

 


5. පී.ටී.මොහොමඞ් රියාස් මයා
විදේශ ගතවූ දිනය - 2014.11.14
ලිපිනය -  දුනුමඩලාව, ගලෙන්බිඳුණුවැව

 


6. එම්.එච්.රිෆ්නාස් මයා
විදේශ ගතවූ දිනය - 2004.12.15
ලිපිනය - නො.30, හසීම් පාර, අක්කරපත්තු- 06

 

විනීතා එම් ගමගේ

 

RECOMMEND POSTS