මිලියන දෙකක් සොරකම් කරලා



ඩුබායි හි මූල්‍ය සමාගමක සේවයේ නියුතුව සිටි ලාංකික ශ්‍රමිකයින් තිදෙනෙකු ඩිරාම්  මිලියන දෙකකට අාසන්න මුදලක් සොරකම් කිරීමේ වරදකට අත්අඩංගුවට පත්වී ඇතැයි මාධ්‍ය  වාර්තා කරයි.

ඔවුන් සේවය සපයන ලද සමාගම විසින් ඩිරාම් මිලියන ෙදකක් මුදල් ඒ ටී ඒම් යන්ත්‍රවල තැන්පත් කිරීමට අදාළ පුද්ගලයින්ට ලබා දී  ඇති අතර එම මුදල් ද රැගෙන ඔවුන් පලාගොස් අැතැයි ඒම වාර්තා කියයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඩුබායි පොලිසිය විසින් විමර්ෂන කටයුතු ආරම්භකර තිබූ අතර එරට මූල්‍ය කළමනාකරණ ආයතනයක සේවය කරන ෙමම ලාංකිකයින් තිදෙනා ගැන වැඩිපුර පරීක්ෂණ දියත්කර තිබුණි.

එයට හේතුව වී ඇත්තේ මූල්‍ය සමාගම විසින්ද මෙම සේවකයින් තිදෙනා ගැන පොලීසියට පැමිණිලි කර තිබීමයි.

එහිදී මුදල් හුවමාරු කරන මෙම මූල්‍ය ආයතනයේ සාමාන්‍ය වැඩ පරිදි සෙනසුරාදා දින අදාළ ලාංකිකයින් තිදෙනාට සේවයට වාර්තා කිරීමට පැමිණෙන ලෙස දන්වා සිටියත් ඔවුන් පිළිබඳව කිසි හෝඩුවක් සොයා ගැනීමට නොහැකිවූ බව එම ආයතනයේ නිලධාරියෙකුද ආරක්ෂක අංශ වෙතට දන්වා තිබේ.

කෙසේ නමුත්, පොලිස් පරීක්ෂණ වලදී ලාංකිකයින් තිදෙනා අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබෙන අතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ඒම මාධ්‍ය වාර්තා කර සිටියි.

විනීතා එම්. ගමගේ


RECOMMEND POSTS