මිත්‍රශක්ති 6 දියතලාවේ



‘මිත්‍රශක්ති’ ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ යුද අභ්‍යාසය අද (26) සිට ලබන අප්‍රේල් 8 වැනිදා තෙක් දියතලාවේ පැවැත්වෙයි.

ඉන්දු ශ්‍රී ලංකා සබඳතා තර කර ගනිමින්, ශ්‍රී ලංකා හමුදාවත් ඉන්දීය හමුදාවත් අතර මිත්‍රත්වය, සහයෝගීතාවත් වර්ධනය කිරීමේ අරමුණින් වාර්ෂිකව පැවැත්වෙන යුද අභ්‍යාසයක් ලෙස ‘මිත්‍රශක්ති’ සැලකිය හැකිය.

අද (26) ආරම්භ වූ යුද අභ්‍යාසයට ඉන්දීය හමුදා සොල්දාදුවෝ 120 ක පිරිසක් සහභාගී වෙති. ඒ අතර ඉන්දීය හමුදාවේ උසස් නිලධාරීහු 11 දෙනෙක් වෙති. පිරිස, ඊයේ (25) බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේ ඉන්දීය ගුවන් හමුදාවේ අයි.එල්. 76 වර්ගයේ හමුදා යානයෙනි.

දියතලාවේ ආරම්භ වූයේ මිත්‍රශක්ති යුද අභියාස මාලාවේ 6 වැන්නය. මිත්‍රශක්ති 5 වැනි යුද අභ්‍යාස මාලාව පසුගිය වසරේ ඉන්දියාවේ පූනේ කෙන්ද්‍රකොට ගනිමින් පැවැත්විණි.


RECOMMEND POSTS