මැඩගස්කරයේ කොන්සල් කාර්යාලයක්



මැඩගස්කරයේ ඇන්ටනනාරිවෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක් පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මැඩගස්කරයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක් විවෘත කිරීම සදහා විදේශ අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට  අමාත්‍ය මණ්ඩලය අනුමැතිය  ලැබී ඇතැයිද සදහන් වේ.

ශ්‍රී ලංකාව සහ මැඩගස්කරය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 2001 වර්ෂයේදී ස්ථාපිත කර ඇති අතර, දැනට සීෂෙල්ස්හි වික්ටෝරියාහි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මැඩගස්කරය සඳහා සමගාමීව අක්තගන්වා තිබේ.

ශ්‍රී ලංකාව සඳහා ආර්ථිකමය වශයෙන් එරට පවතින අවස්ථාවන් සහ මැඩගස්කරයේ සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ අවශ්‍යයතා සඳහා එරට කොන්සල් ජනරාල් කාර්යාලයක් පිහිටුවීම යෝග්‍ය බව තහවුරු වී ඇති බැවින් මෙලෙස අලුතෙන් ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක් පිහිටුවීමට රජයේ අවධානය යොමු වී ඇත.

මෙරට මැණික් ව්‍යාපාරිකයින් රැසක් මැඩගස්කරය සමග සිය ව්‍යාවපාර අයෝජනයන් සිදු කරමින් සිටිති.

තිළිණි ද සිල්වා


RECOMMEND POSTS