මාලදිවයින ආරක්ෂක ඇමැතිය හමුවෙලා



මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍ය මරියා අහමඩ් ඩිඩි මහත්මිය ඇතුළු දූත පිරිස සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී ඉකුත් දා (27) පැවැත්විණි.

ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ සිව්වැනි ජාතික ආරක්‍ෂක උපදේශක ත්‍රෛපාර්ශ්වික හමුවට එක්වීමට මෙරටට පැමිණි මාලදිවයිනේ ආරක්ෂක ප්‍රධානීන් පිරිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී කලාපයීය ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.

මත්ද්‍රව්‍ය, පාතාල කල්ලි ඇතුළු නීතිවිරෝධී ජාවාරම් මර්දනය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, ත්‍රස්තවාදය සහ අන්තවාදය සහ ආරක්ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

මාලදිවයින් ආරක්ෂක අමාත්‍ය මරියා අහමඩ් ඩිඩි, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, නියෝජ්‍ය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරාල් අබ්දුල් රහීම් අබ්දුල් මතීන්, ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් ඕමාර් අබ්දුල් රසාක්, ආරක්ෂක උපදේශක කර්නල් ඉස්මයිල් නසීර්, , අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් ඇතුළු මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


RECOMMEND POSTS