මහජන උපෙයා්ගිතා කොමිසමේ කටයුතු අන්තර් ජාලයේ



ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙතින් සේවා ලබාගැනීමේ දී හැකි සෑම අවස්ථාවක දීම ඔන්ලයින් ක්‍රමයට සම්බන්ධ වී සේවා ලබාගන්නැයි එම සභාව පාරිභෝගික ජනතාවගෙන් හා සේවාලාභීන්ගෙන් ඉල්ලීමක් කරයි.

විශේෂයෙන් විදුලි පාරිභෝගිකයන්ට කොමිෂන් සභාවේ කාර්යාලයට පැමිණීමකින් තොරව සිය පැමිණීලි විසඳාගැනීමට ඔන්ලයින් පහසුකම් සපයා ඇතැයි ද ඔවුන්ගේ නොවිසඳුණු පැමිණිලි දුරකථනයෙන් වට්ස්ඇප් වයිබර් හා ඉමෝ ඔස්සේ ද වෙඞ් අඩවියට පිවිසීමෙන් හෝ විද්‍යුත් තැපෑල ඔස්සේ ද එසේත් නැත්නම් ෆේස්බුක් ඔස්සේ ඉදිරිපත් කළ හැකි බව ශ්‍රී ලංකා මහජනඋපයෝගිතා කොමිෂන් සභාව කියයි.

සතියේ දිනවල පෙරවරු 9 .30 සිට සවස 4.30 දක්වා 0112392607 හෝ 0112392608 යන දුරකථනවලටඅමතා පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. වට්ස් ඇප්, වයිබර් හෝ ඉමෝ ඔස්සේ නම් 0770126253 යන අංකයෙන් පැමිණිල්ල හෝ තොරතුර ඉදිරිපත් කළ හැකිවේ.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් සේවා ලබාගැනීමේ දී නිලධාරින් හමුවීම අත්‍යවශය වන අවස්ථාවන්හිදී ඒ සඳහා කලින් දිනයක් හා වේලාවක් වෙන්කරවා ගත හැකි බවත් ඒ සඳහා 0112392607 හා 0112392608 යන දුරකතන අංක වෙන්කර ඇති බවත් එම සභාව කියයි. නැතහොත් වෙබ් අඩවිය ඔස්සේ හෝ විද්‍යුත් ලිපිනය ඔස්සේ දින හා වේලාවන් වෙන් කර ගත හැකිවේ.    

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS