මරණ බොහොමයක් බෝ වන රෝග නිසා



මෙරට සිදුවන මරණවලින් සියයට 83ක්ම බෝ නොවන රෝග පාදක කරගෙන සිදුවන මරණ යැයි ද බෝ නොවන රෝග නිසා අඩු වයසින් මරණ ඇති වීමේ අවදානම සියයට 17ක් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

මෙරට සිදුවන මරණවලින් සියයට 34ක් හෘදවාහිනී (හදවත්) රෝග හේතුවෙන් ද සියයට 14ක් පිළිකා හේතුවෙන් ද සියයට 9ක් දියවැඩියාව හේතුවෙන් ද සියයට 8ක් නිදන්ගත ස්වසන රෝග හේතුවෙන් ද සිදුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

මෙම රෝග හතර සාමූහිකව ශ්‍රී ලංකාවේ මුළු මරණ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයකට දායක වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

මෙරට වාර්ෂිකව සිදුවන මරණවලින් අනෙකුත් බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන මරණ ගණන සියයට 18ක් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

ඉහත සඳහන් කළ ප්‍රධාන බෝ නොවන රෝග හේතුවෙන් අවුරුදු 30ත් 70ත් අතර අඩු වයසින් මරණ ඇති වීමේ අවදානම සියයට 17ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය වසර දෙකකට වරක් නිකුත් කරන වාර්තාවේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වසර සඳහා වන වාර්ෂිකව වාර්තාව සහ ශ්‍රී ලංකාවේ රෝහල් සහ පාසල්වල ආහාර (ප්‍රති)සම්පාදනය සහ සැපයීම පිළිබඳ සමාලෝචනය (2019) යන වාර්තාවල එම කරුණු සඳහන් වේ.

දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය, සීනි, ලුණු සහ මේදය ඉතා ඉහළ සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටා, කායික ක්‍රියාකාරකම් අවම වීම යන කරුණු බෝ නෝවන රෝගවලට ගොදුරු වීමේ අවදානම ඉහළ දමා ඇතැයි ද එම වාර්තා වේ දැක්වේ. 

 හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS