බෝම්බ ප්‍රහාරය හෙළා දකී



ඇෆ්ගනිස්ථානයේ ලෝගර් පළාතේ පුල්-ඊ-අලාම් නගරයේ දී සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ බෝම්බ පිපිරීමකින් තිස් දෙනෙකු ඝාතනයට පත් වීම හෙළා දකිමින් මෙරට විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.

නැගෙනහිර ලෝගර් ප්‍රාන්තයේ පුල් ඊ අලාම් ප්‍රදේශයේ පාසල් ළමුන් රැඳී සිටින ස්ථානයක මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන් වන අතර එම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගියහ.

එසේම තවත් පුද්ගලයින් 12 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මෙසේද සදහන් වේ.

'' ඇෆ්ගනිස්ථානයේ ලෝගර් පළාතේ පුල්-ඊ-අලාම් නගරයේ දී  අප්‍රේල් 30 වැනි දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව දැඩි ලෙස හෙළා දකී. සිවිල් වැසියන්ට, විශේෂයෙන් සිසුන්ට සහ ළමයින්ට එරෙහි හිංසනය හා ප්‍රචණ්ඩත්වය මඟින් අරාජිකත්වය ගෙන ඒමට අපේක්ෂා කරන අපරාධකරුවන්ගේ කුරිරුභාවය පෙන්නුම් කරයි. රටට කල් පවත්නා සාමයක් ගෙන ඒම සඳහා සිදුකරන ත්‍රස්තවාදයට එරෙහි අරගලයේ දී, ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථාන රජය සමඟ ස්ථිරව නැගී සිටී.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS