බොරු කීවොත් සිරදඬුවම්



ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන් විසින් සෞදි රජයට හෝ සෞදි ජනතාවට විරුද්ධව අසත්‍ය තොරතුරු පතුරවා හැරියහොත් වසර 05 සිට වසර 20 දක්වා අපරාධ වරදක් සම්බන්ධයෙන් සිර ද`ඩුවමකට හෝ සෞදි රියාල් මිලියනයක් දක්වා දඩ මුදලකට යටත් වන්නට සිදුවනු ඇතැයි සෞදි රජය ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය වෙත දන්වා ඇත.

සෞදි රජය වෙනුවෙන් එරට පොලිසිය සෞදියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා මේ බව දන්වා එවා ඇතැයි කාර්යංශයේ ජ්‍යෙශ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.  

මේ සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍යංශය සහ ඒ හා සම්බන්ධ අනෙකුත් ආයතන දැනුවත් කරන ලෙසද සෞදි පොලිසිය තානාපති කාර්යාලයෙන් ඉල්ලා ඇත. 

සෞදියේ ගෘහසේවයට ගොස් සිටි දඹුල්ලේ පදිංචි කාන්තාවක් විසින් හාම්පුතුන් තම වකුුගඩුවක් බලෙන් ගන්නට තැත් කරන්නේ යැයි පවසමින් නිකුත් කළ වීඩියෝවක් සමාජ වෙබ් අඩවි ඔස්සේ පසුගියදා මුදා හැර තිබිණි. තමන් සිර කරගෙන වකුගඩුව ඉල්ලා තර්ජනය කරන බවත් පහර දෙන බවත් ඇය එම වීඩියෝවේ ස`දහන් කර තිබිණි.

පසුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ද මැදිහත්  වී තානාපති කාර්යාලය හරහා ඇය මුදා ගැනීමට කළ මෙහෙයුමේ දී හෙලි වූයේ එවැනි  සිද්දියක් සිදුව නොමැති බවකි.

ඩබ්ලිව් ඩබ්ලිව් ඉන්ද්‍රකාන්ති නමැති මෙම කාන්තාව ණඹ776 දරන ගුවන් යානයෙන් ඊයේ (31) පෙ.ව 10.00 ට දිවයිනට පැමිණියාය. ඒ වන තෙක් ඇය රියාද් හි පිහිටි තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ රදවා සිටි අතර, ඇයට හිමි මාසයක වැටුප සහ දිවයිනට පැමිණීමට ගුවන් ටිකට්පත් ස`දහා මුදල් ද හාම්පුතා විසින් ලබා දී තිබේ. 

මෙම සිදුවීම පිලිබ`ද සොයා බැලීමට සෞදි තානාපති කාර්යාල නිළධාරීන් රියාද් සිට කි.මී 475 දුර ගෙවා ඇය සේවය කරන නිවස පිහිටා තිබෙන දාරිහා පොලිස් ස්ථානයට ගොස් පැමිණිලි කල අතර, කඩිණමින් කි‍්‍රයාත්මක වූ පොලිස් නිළධාරීන් හාම්පුතා සම`ග අදාල කාන්තාව පොලීසියට ගෙන්වන ලදි. මේ පිලිබ`දව විමර්ශන වලින් අනාවරණය වූයේ මෙම සේවක මහත්මිය අසත්‍ය චොදනා එල්ල කර ඇති බවයි. අනතුරුව මෙම ගෘහ සේවිකාව පොලිස් භාරයට ගැනීමට කටයුතු කල අතර සෞදි තානාපති කාර්යාලය මැදිහත් වීමෙන් සිදුවූ අපහසුතාවය පිලිබ`දව ඇය වෙනුවෙන් සමාව අයදීමෙන් අනතුරුව අදාල සේවිකාව නිදහස් කර ඇත.
මෙවැනි අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කිරීමෙන් ශී‍්‍ර ලංකාවට සිදුවන අපකීර්තිය සම්බන්ධයෙන් රැුකියා ස`දහා විදේශගත වන ශ‍්‍රමිකයින් වගකීමෙන් කටයුතු කලයුතු බවත්, ශ‍්‍රී ලාංකිකයන්ට යම්කිසි ගැටලූවක් ඇති වුවහොත් ඒ පිලිබ`ද කඩිනමින් සොයා බලන ලෙස තානාපති කාර්යාල නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවත් ස`දහන් කළ විදේශ රැුකියා ඇමතිනී තලතා අතුකෝරාල මහත්මිය මේ සම්බන්ධව කටයුතු කල සෞදි තානාපතිතුමන් ඇතුලූ සෞදි තානාපති කාර්යාලයේ නිළධාරීන්ට සිය ප‍්‍රශංසාව පල කලාය.

 

 විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS