පුටින්ට සුබ පතලා



රුසියානු ජනාධිපතිවරණයෙන් එරට හිටපු ජනාධිපති ව්ලැද්මිර් පුටින් මහතා යලිත් වරක් ජයග්‍රහණය කිරීම ගැන ඒකාබද්ධ විපක්ෂයේ සුභ පැතුම් හා ගෞරවය පුද කරන බව එකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තරය දිනා ගැනී්මට සුද්දන් ඉදිරියේ දණ නැමිය යුතු නැතැයි පුටින් මහතා ඔප්පු කර පෙන්වූ බව ද අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

රුසියානු ජනතාව කොයිතරම් ඉදිරිගාමී ද යන්න එම මැතිවරණයෙන් ලොවටම පෙන්වා දුන් බවත් එම ජයග්‍රහණයේ ආරංචිය ශ්‍රී ලාංකිකයන්ට  ආස්වාද ජනක පුවතක් වූ බවත් හෙතෙම  කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ අදහස්  පළ කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවක දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS