පිලිපීනයේ ශ්‍රී ලංකිකයෙක් අත්අඩංගුවට



තම පිලීපීන ජාතික බිරිඳ සමඟ ලිංගිකව හැසිරෙන ආකාරය හොරෙන් වීඩියෝගත කර ඒවා බලහත්කාරයෙන් අන්තර්ජාලයට එක් කරමින් මුදල් සෙවීමේ ජාවාරමක නිරතවූ ශ්‍රී ලාංකිකයෙකු පිලීපීනයේ ජාතික විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පළවන ජී.එම්.ඒ පුවත් වෙබ් අඩවිය වාර්තා කළේය.

එම පිලීපන ජාතික බිරිඳ එරට ජාතික විමර්ශන කාර්යාංශයට ලබා දුන් ඔත්තුවකට අනුව මෙම ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ බුලාකැන් හි සැන් ජෝස් ඩෙල් මොන්ටේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීය.

මෙම සැකකාර ශ්‍රී ලාංකිකයා විසින් මාස හතක් කාලයක් තිස්සේ සිට තමන් බිරිඳ සමඟ ලිංගිකව හැසිරෙන ආකාරය ඇයට හොරෙන් වීඩියෝගත කර ඒවා ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයින් සඳහා අන්තර්ජාලයට මුදාහැර ඇතැයිද පීලිපීන ජාතික විමර්ශණ කාර්යාංශය සිදු කළ පරීක්ෂණ වලදී හෙළි වී ඇතැයිද එම පුවත් වෙබ් අඩවි වාර්තාවේ සඳහන් වේ.

දිගින් දිගටම මෙම ක්‍රියාවේ නිරතවූ මෙම ලාංකිකයා පසුව ඔහුගේ බිරිඳ සමඟ බලහත්කාරයෙන් ලිංගිකව එක්වී ඇති අතර ඒවාද සජීවි ලෙසින් අන්තර්ජාලයට එක් කර ඇත.

මේ අතරවාරයේදී  සැකකරු සිය බිරිඳගේ කලින් විවාහයේ දියණියටද අතවර කිරීමක්ද සිදු කර ඇති අතර ඒ සමඟ සැකකාර ලාංකිකයාගේ මේ බලහත්කාරකම් ගැන පීලිපීනයේ ජාතික විමර්ශන කාර්යාංශයට පැමිණිලි කිරීමට එම පිලීපීන ජාතික කාන්තාව කටයුතු කර ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

මෙම සැකකාර ලාංකිකයා විසින් ඔවුන් දෙපළ ලිංගිකව එක්වන ආකාරය දැක්වෙන වීඩියෝපටයන් හි පිටපත් පිලිපීන ජාතික බිරිඳගේ ඥාතීන්ටද ලබා දී ඇතැයි ජී.එම්.ඒ පුවත් වෙබ් අඩවි වාර්තාවේ සඳහන්ව ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සැකකරුගෙන් ප්‍රශ්න කිරීම සිදු කරන අතර එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ මුදල් සොයා ගැනීම වෙනුවෙන් විකල්පයක් නැති වීම නිසා මෙම ක්‍රියාවන් හි නිරත වූ බවය.

කෙසේ වෙතත් එරෙහිව පුද්ගල ජාවාරම් පනත , කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි හිංසනය වැළැක්වීමේ පනත සහ සයිබර් අපරාධ වැළැක්වීමේ පනත උල්ලංඝනය කිරීම යටතේ සැකකාර ලාංකිකයාට එරෙහිව චෝදනා ගොනු කරන බව පිලීපීනයේ ජාතික විමර්ශන කාර්යාංශයේ ප්‍රධානි රොනාල්ඞ් අගුල්ටෝ ප්‍රකාශ කර ඇත.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS