පාකිස්තාන මහ කොමසාරිස් තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා හමුවෙයි



පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනේරල් (විශ්‍රාමික) මොහොමඩ් සාද් ඛට්ටක් මහතා, පසුගිය දා (23) තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය.

මෙහිදි පාකිස්තාන මහ කොමසාරිස්වරයා තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයාට සුබ පැතුම් ද එක් කළේය.

දෙරට අතර ක්‍රීඩා ප්‍රවර්ධනයට අදාළ කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡා කෙරුණි.

ක්‍රීඩාව තුළින් දෙරටේ අනාගත තරුණ පරම්පරාව එක්සත් කිරීම කෙරෙහි ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා ද එක්වීය.


RECOMMEND POSTS