පරිසර ලොක්කාගෙන් සහාය ඉල්ලයි



ලංකාවේ මතුව ඇති පාරිසරික ගැටලු සඳහා විකල්ප තාක්ෂණික ක්‍රමවේද සහ යෝජනා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සොල්හයිම්ගෙන් ඉල්ලා සිටී.

ජනාධිපතිවරයා විසින් එවැනි ඉල්ලීමක් කරනු ලැබ ඇත්තේ ඉරිදා (මාර්තු 11) ඉන්දියාවේ නව දිල්ලි නුවර දී ජාත්‍යන්තර සූර්ය බලශක්ති සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වීමෙන් අනතුරුව පැවති සාකච්ඡාවකදීය.

එහිදී පරිසර සංරක්ෂණය, දේශගුණ හා කාලගුණ විපර්යාස, සමුද්‍ර සංරක්ෂණය පිළිබඳ කරුණු සාකච්ඡා වී ඇති අතර, ශ‍්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණය වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කොට ඇති වැඩපිළිවෙල පිළිබඳ ජනාධිපතිවරයා විසින් පැහැදිළි කරන ලද බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ශ‍්‍රී ලංකාව තුළ සියයට 28 දක්වා පහත බැස ඇති වන ඝණත්වය සියයට 32 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳ පෙන්වා දී ඇති ජනාධිපතිවරයා වනාන්තර ආරක්ෂා කිරීම සඳහා ගුවන් හමුදාව විශේෂ නිරීක්ෂණ වැඩසටහන් ක‍්‍රියාත්මක කරන බවත්, සෑම දෙසතියකට වරක් ගුවන් හමුදාව මගින් ඒ පිළිබඳ වාර්තාවක් තමා වෙත ලබාදෙන බවත් ප‍්‍රකාශ කළේ යයි ද ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එමෙන්ම සමුද්‍ර දූෂණය බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති පසුබිමක ශ‍්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට ගෙන ඇති පියවර පිළිබඳවත් ජනාධිපතිවරයා පහදා දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පැවසීය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS