නීති විවේචනය කළ අරාබි ජාතිකයාට දඩුවම්



එක්සත් අරාබි එමීරයේ නීති පද්ධතිය විවේචනය කළ  අරාබි ජාතිකයෙකුට එරෙහිව මාස 6 ක් බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

මෙලෙස සිර දඩුවම් නියම වූයේ 40 හැවිරිදි අරාබි ජාතිකයාට එරෙහිවය.

එම සිර දඩුවම් කාලය ඉක්මවූ වහාම ඔහුව එරටින් පිටුවහල් කරන ලෙසට එරට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කර ඇත.

සංචාරයක් සදහා එරටට පැමිණ සිටි අතරවාරයේදී මොහු විසින් එමීරයේ නීති පද්ධතිය දැඩි ලෙස විවේචනයට ලක් කළ බවට ඩුබායි පොලීසියට ලැබුණු පැමිණිල්ලකින් අනතුරුව එරට පොලීසිය මොහුට නඩුවක් ගොනු කළේය.එම නඩු විභාගයේදී තමන් එමීරයේ නීති පද්ධතිය විවේචනය කළ බවට චුදිත අරාබි ජාතිකයා පිළිගෙන ඇත.

තිළිණි ද සිල්වා
ගල්ෆ් නිවුස් ඇසුරිනි


RECOMMEND POSTS