නිල ඇඳුමක් නෑ



ගෘහ සේවිකාවන් ලෙස පිටත්ව ශ්‍රී ලාංකික කාන්තාවන් සදහා නිල ඇඳුමක් හදුන්වාදී නැතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි.

විදේශ රැකියා නියෝජිත ආයතන විසින් බඳවාගැනීම් කරනු ලබන ශ්‍රමිකයන් සදහාද නිල ඇඳුමක් හදුන්වාඳීමට නියෝග ලබාදී නොමැති බවද කාර්යාංශය පවසයි.

මේ දිනවල සමාජ ජාල තුළ සැරිසරන නිල ඇදුමින් සැරසීගත් කාන්තාවන් පිරිසක් රැකියා සදහා පිටත්ව ඡායරෑප සහිත වාර්තාවන් සම්බන්ධයෙන් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ හා නියෝජ්‍ය  අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ දැඩි අවධානය යොමුවී තිබේ.

කාර්යාංශය විසින් ලබාදෙන පුහුණු පාඨමාලාවලදී විදේශ රැකියා සදහා පිටත්වන විට රටේ හා තමාගේ ගරුත්වය ආරක්ෂා වන පරිදි සුදුසු ඇදුමකින් පිටත්වීම සම්බන්ධයෙන් පමණක් දැනුවත් කිරීම් සිදුකරනු ලබන බව ද හෙතෙම කියා සිටියේය.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS