දිවි නසාගෙන



කුවේටයේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවක්  හාම්පුතුගේ නිවසේ කාමරයක සිවිලිමේ එල්ලී සිය දිවි හානි කර ගෙන ඇතැයි එරට පළවන ඇරැබ් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

මෙලෙස දිවි හානි කර ගෙන ඇත්තේ කුවේටයේ රබ්යා ප්‍රදේශයේ නිවසක ගෘහසේවිකාවක වශයෙන් සේවය කළ ලාංකික කාන්තාවකි.මෙම කාන්තාව වසර කිහිපයක සිට එරට සේවය කළ අයෙකු බව පැවසේ.

මෙම ලාංකික ගෘහසේවිකාව නිවසේ නොසිටීම පිළිබඳව කුවේට් හාම්පුතු විසින් විපරම් කළ අවස්ථාවේදී ඇය ඇය නිදා ගන්නා කාමරයේ සිවිලීමේ එල්ලී සිටින අයුරු දැක තිබේ.

පසුව වහා ක්‍රියාත්මක වූ නිවසේ හාම්පුතු සහ එහි සිටි ආරක්ෂක අංශ සිහිසුන්ව සිටි මෙම ලාංකික කත ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇතැත් ඒ වන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බව සඳහන් වේ.

දිවි හානි කර ගත් ලාංකික කතගේ අනන්‍යතාවය තවමත් තහවුරු වී නොමැති අතර එම මරණය සම්බන්ධයෙන් පශ්චාත් පරීක්ෂණ පැවැත්වීම සඳහා ඇයගේ සිරුර එරට අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත යොමු කිරීමට කුවේට පොලීසිය පියවර ගෙන ඇත.

(තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS