තොරතුරක් නෑ



රැකියාව සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු පිළිබඳව මේ වන විට කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඡායාරූපයේ වමේ සිට දකුණට පිළිවෙලින්, නාවලපිටියේ වාසය කළ පී වයි තිලකානි පීරිස්, මහියංගණයේ පදිංචිව සිට විදේශගත වූ ඩී සිරියාවතී, ගුන්නෑපානේ පදිංචිව සිටි සී එම් නවාස්, උඩවෙල පදිංචිකාරියක වූ පී පී ඒ එස් උදයකුමාරි ඔවුන් සිව් දෙනාය.

1995 සිට 2016 දක්වා විවිධ වර්ෂවල ඔවුන් රැකියා සඳහා කුවේට් දේශය බලා පිටත්ව ගොස් තිබේ. එම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා උපකාර කරන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මෙම ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු දන්නා අයෙක් වේ නම් 0114380954/ 0112878244 යන දුරකතන අංකයන් වෙත දැනුම් දෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටී.


RECOMMEND POSTS