තොරතුරක් නෑ



කටාර් රාජ්‍යයේ රැකියාවක් සඳහා ගොස් සිටියදී අතුරුදන්ව ඇති ශ්‍රී ලාංකික කාන්තාවක පිළිබඳ තොරතුරු සොයා ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මහජන සහාය පතයි.

මෙසේ තොරතුරු අවශ්‍යව ඇත්තේ කින්නියා 5, පාසල පාර, කච්චකොඩිත්තිව් හි පදිංචිව සිටි ඒ.එම්.රෂිනා නැමැති කාන්තාව සම්බන්ධයෙනි.

රෂිනා මෙනෙවිය 2003 වසරේ ජූලි මස 25 වන දින කටාර් බලා පිටත්ව ගොස් තිබේ. මේ වන විට ඇය සම්බන්ධයෙන් කිසිදු තොරතුරුක් නොමැත.

මෙම කාන්තාවන් පිළිබද තොරතුරක් දන්නා අයෙක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අංශයේ 0112864136 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

විනීතා එම්. ගමගේ


RECOMMEND POSTS