තොරතුරක් නෑ



ලෙබනනයේ රැකියාවක් සදහා ගොස් සිටින කාන්තාවක් පිළිබඳව දිගු කාලයක් තිස්සේ තොරතුරක් නොමැතිවීම හේතුවෙන් ඇය පිළිබද තොරතුරක් ලබාගැනීම සදහා මහජන සහාය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

රඹුක්කන කොටුවැල්ලේ පදිංචිව සිටි වනසිංහ ආරච්චිගේ රේණුකා වනසිංහ නැමැති අය සම්බන්ධයෙන් වන තොරතුරුය. මෙසේ අවශ්‍යව ඇති අතර ඇය රැකියාවක් සදහා 2005 වසරේ ජනවාරි මාසයේ 8 වැනිදා ලෙබනනය බලා පිටත්ව ගොස් තිබේ.

ඇය එතැන් සිට වසරක පමණ කාලයක් පවුලේ අය සමඟ සම්බන්ධතා පවත්වා ඇතත් ඉන් පසු ඇය සම්බන්ධයෙන් කිසිදු තොරතුරුක් ලැබී නොමැත

ඇය පිළිබඳ තොරතුරක් දන්නා අයෙක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ සම්බන්ධතා අංශයේ 0112864100 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ඔවුන් ඉල්ලීමක් කරයි.

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS