තොරතුරක් නෑ



සෞදි අරාබියේ රැකියා සඳහා ගොස් සිටියදී කිසිඳු තොරතුරක් සොයා ගත නොහැකි බවට පවුලේ සාමාජිකයින් විසින් ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කර ඇති ශ්‍රී ලාංකිකයන් පිරිසක් පිළිබඳව තොරතුරු සොයා ගැනීමට කාර්යංශය ජනතා සහය පතයි.

පවුලේ සාමාජිකයින් ඒ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කර තිබේ. ඔවුන් සම්බන්ධයෙන් සොයාබැලීමට කාර්යාංශයට අවශ්‍ය බැවින් මේ සම්බන්ධයෙන් මහජන සහය බලාපොරොත්තු වන බවද කාර්යංශය කියයි.

විශේෂයෙන් සෞදි අරාබියේ රැකියාවේ නියුතු පහත නම් සඳහන් අය පිළිබඳව තොරතුරු දන්නා අය වෙතොත් කාර්යාංශයේ විදේශ සබඳතා අංශයේ 011 4379328 දරන දුරකථන අංකයට හෝ කාර්යාංශයට ලිඛිතව දැනුම් දෙන ලෙස ද කාර්යංශය ඉල්ලිමක් කරයි.
අතුරුදන්ව ඇති තැනැත්තන්ගේ නම් හා ලිපිනයන් මෙසේ ය.

ජී ඩබ්ලිව් කමනි සිරියලතා, නො. 7/බී, එම් එස් කිව්, උහන අම්පාර.
එන් ඉන්ද්‍රානි, 20/77, ඝ්‍රීන් ටෙරස්, පරකන්දෙණිය , ඉඹුල්ගොඩ.
කේ අයි මුතුමැනිකා, රණමුරේ, අගලහේන, ලග්ගල, පල්ලේගම
ඩබලිව් ඒ පර්ලි වීරසිංහ, ලිපිනය නොදනී.
ඩබ්ලිව් ඩී් අමිතා ජයසිංහ, 4 කණුව, රාජාංගනය.
පෙරියසාමි මුත්තු මාරියම්මා, දුනුසිනාන, පහළ කොටස, පුන්දලුඔය.
පී එල් පද්මිණි, නොරගොල්ල වත්ත, උඩකොටස, නිවිතිගල,
එම් ඒ කාදර් බසීලා, මිහිඳුපුර, කඳපොල.
පී කේ සුගත්, නො. 100, සැලසුම්ගම දොලකන්ද, දෙහිඅත්තකණ්ඩිය.
සී චන්ද්‍රසේකරම් චන්ද්‍රමලර්, පළමු කුරුච්චි, කෝමාරි.

සටහන - විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS