තෙදින නිවාඩුවක්



ඊද් අල් අදා (Eid Al Adha) උත්සවය  නිමිත්තෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෞද්ගලික අංශයේ ශ්‍රමිකයන්ට දින 03ක නිවාඩුවක් ලබා දී ඇති බවට එමීර් රාජ්‍ය බලධාරීන් නිවේදනය කර තිබේ.

21 වෙනි අඟහරුවාදා දින ඒළැෙඹන ඊද් අල් අදා (Eid Al Adha) වෙනුවෙන් මෙම නිවාඩු දින 03 හිමිවෙන අතර එය සඳුදා  (20) දිනෙන් ආරම්භ වී බඳාදා (22) දින දක්වා ක්‍රියාත්මක වෙන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් හා ජනාවාස අමාත්‍යාංශය විසින් මෙලෙස ප්‍රකාශයට පත්කර අැත.

ඒ අනුව දින 03ක නිවාඩුවකින් පසුව අගෝස්තු 23 වෙනි බ්‍රහස්පතින්දා දින නැවත පෞද්ගලික අංශ ශ්‍රමිකයින් සේවයට වාර්තා කළ යුතුය.

විනීතා එම්. ගමගේ


RECOMMEND POSTS