තුර්කි රජය මගින් ශිෂ්‍යත්ව



තුර්කි රජය මගින් ලබාදෙන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා ශ්‍රී ලාංකික සිසුන්ගෙන් අයඳුම්පත් බාර ගැනීම ජනවාරි 15 වැනිදා සිට ඇරඹෙන බව කොළඹ පිහිටි තුර්කි තානාපති කාර්යාලය නිවේදනය කරයි. 
 
ආචාර්ය උපාධි, පශ්චාත් උපාධි සහ උපාධි පාඨමාලා හැදෑරීමට සැලසුම් කරන ශ්‍රී ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව සඳහා  https://www.turkiyeburslari.gov.tr/en/english-home/ වෙබ් අඩවියෙන් අයඳුම්පත් බාගත කරගත හැකි යැයි ද එම තානාපති කාර්යාලය සඳහන් කරයි. අවශ්‍ය සුදුසුකම්, උපදෙස් යනාදී ශිෂ්‍යත්ව වැඩසටහනට අදාළ තොරතුරු සහ විස්තර වෙබ් අඩවියේ සඳහන් බවත් අයඳුම්පත් බාර ගන්නා අවසන් දිනය පෙබරවාරි මස 20 වැනිදා බවත් මෙරට තුර්කි තානාපති කාර්යාලය තවදුරටත් කියයි. 

RECOMMEND POSTS