තීරු බදු රහිත භාණ්ඩ රැසක්



වසරකට වඩා විදේශ රැකියාවක නියැලී සිට මව්බිමට එන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ලැබෙන ඇමෙරිකානු ඩොලර් 1000 ක් වටිනා තීරු බදු රහිත භාණ්ඩ මිල දී ගැනීිමේ සහනය වෙනුවෙන් ලබා ගත හැකි භාණ්ඩ අතරට තවත් භාණ්ඩ රැසක් එක් කර ඇතැයි රේගු මූලස්ථානය  පවසයි.
මෙතෙක් ලබා දී ඇති සහන වලට අමතරව තවත් භාණ්ඩ රැසක් වෙනුවෙන් මෙසේ බදු සහන ලබාදෙන බව රේගු මූලස්ථානය කියයි.
නාන කාමර කට්ටල, නිදන කාමර කට්ටල, පරිගණක, ලැප්ටොප් ඇතුළු භාණ්ඩ දුරකථන දෙකක්, සුර්ය බලශක්ති පැනල, සුර්ය කෝෂ, සඳහා ද මෙම සහන ලබා දී ඇත. දැනට සහන ලබා දී ඇති ඇඟළුම් සඳහා තව දුරටත් සහන හිමිවන අතර, තින්ත ලීටර් 30 ක් දක්වා ද තීරු බදු සහන හිමිවේ.
මෙම තීරු බදු සහන ලැබෙන්නේ කොන්දේසි කිහිපයක් සහිතව බව ද රේගු ආරංචි මාර්ග තව දුරටත් සඳහන් කරයි.

විනීතා එම්. ගමගේ
   

 


RECOMMEND POSTS