තැපැල් කටයුතු අත්හිටුවයි




නැවත දැනුම් දෙන තුරු ඕමානයේ සිට ශ්‍රී ලංකාවට තැපල් පත් සහ තැපැල් භාණ්ඩ යැවීම තාවකාලිකව අත්හිටුවීමට ඕමාන තැපෑල තීරණය කර ඇතැයි එරට පළවන ටයිම්ස් ඔෆ් ඕමාන් පුවත් වෙබ් අඩවිය ඊයේ (19) වාර්තා කළේය.

ලංකාව තුළ මතු වී ඇති අනපෙක්ෂිත තත්ත්වයක් හේතුවෙන් ඕමාන රජය ගත් තීරණයක් මත කිසිදු තැපෑලක් එරටට නොයැවීමට තීන්දු කළ බවද ඕමාන තෑපල් සේවය සඳහන් කර සිටී.

ශ්‍රී ලංකාවේ තැපැල් සේවය කිසිදු ජාත්‍යන්තර තැපැල් පත් බාර නොගන්නා බවට ශ්‍රී ලංකා බලධාරීන් විසින් විද්යුත් තැපෑල ඔස්සේ කළ දැනුම් දීමකින් පසුව මෙම තීරණය ගත් බව ඕමාන් තැපැල් සේවයේ නිලධාරියෙකු උපුටා දක්වමින් ටයිම්ස් ඔෆ් ඕමාන් පුවත්පත් වෙබ් අඩවි වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

මෙරට තැපැල් සේවක ගැටලු කිහිපයකට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් ඉකුත් 11 වැනිදා සිට ක්‍රියාත්මක කළ දිවයින පුරා තැපැල් සේවක වැඩවර්ජනයක් පවත්වමින් සිටින අතර තැපැල් සේවකයින් 26000කට වැඩි පිරිසක් තැපැල් සේවා වලින් ඉවත්ව සිටිති.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS