තාක්ෂණික දෝෂයක්



විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ ඉලෙක්ට්‍රොනික ලිපිලේඛන සහතික කිරීමේ පද්ධතියේ තාක්ෂණික දෝෂයක් හටගෙන තිබේ.

එහි මන්දගාමී තත්ත්වයක් හටගෙන ඇති අතර සත්‍යාපනය කරන ලද ලේඛන පද්ධතියට බාගත කිරීමට ගතවන කාලය ඉහළ ගොස් ඇති බව එම අමාත්‍යාංශය පවසයි.

තොරතුරු තාක්ෂණ විශේෂඥයින් විසින් අදාළ පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව සඳහන්ය.

කොන්සියුලර් අංශයේ ලේඛන සහතික කිරීමේ අංශය මගින් පෙරවරු 7.00 සිට පස්වරු 1.30 දක්වා අදාළ ලේඛන භාරගන්නා බව සඳහන්ය.

අදාළ තාක්ෂණික දෝෂය යථා තත්ත්වයට පත් කරන තෙක් මෙම අංශය දිනකට සේවාදායකයින් 500 කට පමණක් සේවය ලබාදෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේය.


RECOMMEND POSTS