ත්‍රස්ත ක්‍රියාකාරකම්වල නියැලෙනවැයි චෝදනා



ත්‍රස්තවාදීන් සමඟ සම්න්ධතා පවත්වමින් හා ත්‍රස්ත ක්‍රියාකාරම්වල නිරතවෙමින් සෞදියේ ජාතික ආරක්ෂාවට බලපෑම් කලා යැයි කියන චෝදනා යටතේ ශ්‍රී ලාංකිකයකු සෞදි බලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි සෞදි ගැසට් වෙබ් අඩවිය වාර්තා කළේය.

එරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සිදු කළ මෙහෙයුමකින් අනතුරුව මෙම ලාංකිකයා අත්අඩංගුවට ගෙන තිබේ.මෙම ලාංකිකයා අනන්‍යතාවය සෞදි බලධාරීන් විසින් තහවුරු කර නොමැත.

මෙම ලාංකිකයා මේවන විට එරට බුද්ධි අංශ භාරයේ පවතින බන්ධනාගාරයක තාවකාලික රදවා සිටින බවද සෞදි ගැසට් වාර්තාවේ සඳහන් වේ.

මෙම ලාංකිකයාට අමතරව විවිධ ජාතීන් 40 කට අයත් තවත් පුද්ගලයින් 999 දෙනෙකුද ත්‍රස්තවාදී  චෝදනා යටතේ  සෞදි ආරක්ෂක  අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතරේ යේමන ජාතිකයින් 365 ක්ද ,සිරියා ජාතිකයින් 221 ක්ද , ඊජිප්තු ජාතිකයින් 87 ක්ද , පකිස්ථාන ජාතිකයින් 70 ක්ද , ඉන්දීය ජාතිකයින් 19 ක්ද , ඇමෙරිකානුවන් 5ක්ද ,ජෝර්දාන ජාතිකයින් 22 ක් , ඇෆ්ගනිස්ථාන ජාතිකයින් 8 ක්ද , තුර්කි ජාතිකයින් 19 ක්ද ,පලස්තීන් වැසියන් 20 ක්ද , එක්සත් අරාබි එමීර් ජාතිකයින් 2ක්ද , පිලිපීනයේ  16 ක්ද , සුඩාන ජාතිකයින් 33ක්ද , බහරේන ජාතිකයින් 10 ක්ද  ඇතුළු  පිරිසක්ද වෙති.

ත්‍රස්තවාදීන් සමඟ සම්න්ධතා පවත්වමින් හා ත්‍රස්ත ක්‍රියාකාරම් වල නිරතවීමේ චෝදනා යටතේ මෙම ලාංකකියා ඇතුළු සැකකරුවන් පිරිසට එරෙහිව පරීක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් පසුව ඉදිරියේදී එරට අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතව ඇත.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS