තරුණයාගේ මරණය දිවිනසා ගැනීමක්



කොරියාවේ තේගු නගරයේ දී ඉකුත් දා අතුරුදන්වූ ශ්‍රී ලාංකික .තරුණයාගේ මරණය සිය දිවි නසා ගැනීමක් යැයි හෙළි වී තිබේ.

ඔහු ඉකුත් 16 දා සිට අතුරුදන්ව සිටි අතර 25 වැනිදා ඔහුගේ සිරුර හමුවූයේ තේගු නගරයේ ජලාශයක් අසල තිබියදී හමුවිය.
මෙසේ මිය ගොස් ඇත්තේ තේගු නගරයේ කම්හලක සේවය කරමින් සිටි, බද්දේගම පදිංචිකරුවෙකු වූ ශෂේන් තාරක ජයසේකර නමැති 26 හැවිරිදි තරුණයෙකි.

මීට වසර තුනකට පෙර කොරියාවේ රැකියාවට ගිය මෙම තරුණයා කොරියානු රැකියා සඳහා පැවැති භාෂා ප්‍රවීනතා විභාගයෙන්  ඉහළම ලකුණු ලබා ගත්තෙකි.

මේ වනවිට ඔහුගේ මෘත ශරීරය මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කටයුතු කරමින් සිටින  බව එහි ප්‍රකාශකයෙක් මැදපෙරදිග ලංකාදීපයට පැවැසීය.  

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS