ජෝර්දාන ප්‍රහාරය ගැන ප්‍රකාශයක්



කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රැකියා අහිමි වී ජෝර්දානයේ අල්කාරා කැමල්වෙගා කර්මාන්ත පුරයේ සිරවී සිටින ශ්‍රී ලංකික ශ්‍රමිකයින් 340කට පිරිසක් සහ ඔවුන් ගැන සොයා බැලීමට ගිය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිලධාරීන් අතර ඇති වූ කලබලකාරී තත්ත්වය පාලනය කිරීමට ජොර්දාන් පොලසිය විසින් එම පිරිස් වෙත කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර කර ඇතැයි ජොර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග සදහන් කර සිටී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඔවුන් සමග සාකච්ඡා කිරීමට එම කර්මාන්ත පුරයට ගිය අවස්ථාවේ ගැටලුවට නිශ්චිත විසඳුමක් නැතැයි කියමින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 340 කට ආසන්න පිරිසක් එම නිලධාරීන් වට කර ගෙන විරෝධ පළ කර ඇති අතර ඔවුන් එම ස්ථානයට පැමිණි එක් තානාපති නිලධාරියෙකු නිවාස අඩස්සියට පක්  කර ගැනීමෙන් පසු ඇතිවූ කලබලකාරී හා නොසන්සුන් තත්ත්වය පාලනය කිරීමට එරට පොලිසිය පැමිණි මෙම කදුළු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

ඉන් කිසිදු නිලධාරියෙකුට හෝ ලාංකික ශ්‍රමිකයෙකුට කිසිදු හානියක් හෝ තුවාල වීමක් සිදුව නැතැයිද තානාපති ආරංචි මාර්ග කියා සිටි.

මාස පහකට ආසන්න කාලයක් තිස්සේ මෙම ලාංකික ශ්‍රමිකයින් පිරිස රැකියා අහිමිව සිය නේවාසිකාගාර තුල සිරවී විවිධ අපහසුතාවට පත්ව සිටීම සම්බන්ධයෙන් එම බලධාරීන්ට කරුණු පැහැදිලි කිරීමේදී ඇති අනවබෝධයක් මත ලාංකික ශ්‍රමිකයින් කලබලකාරී ලෙසින් හැසිරීම නිසා, තත්ත්වය පාලනයට මෙම කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කල බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි සහ කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා ලංකාදීපය කළ විමසීමකදී පැවසීය.

ජෝර්දානයේ අල්කාරා කැමල්වෙගා කර්මාන්ත පුරයේ රැකියා අහිමි වී සිටින ශ්‍රී ලාංකිකයින් 340කට ට ආසන්න පිරිසක් රඳවා සිටින ස්ථානයේදී එම කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇති බවත් ඉන් කිසිවකුට හානියක් සිදුව නැතැයි මන්දෙණිය මහතා වැඩිදුරටත් කියා සිටියේය

කොරෝනා  වසංගත තත්ත්වය නිසා රැකියා අහිමි වී මාස කිහිපයක් ගතව ඇතත් ආපසු මව්බිමට යාමට නොහැකි වී ඇති බවත් , තමන්ට විවිධ දුෂ්කරතා ඇති බවට එම ලාංකික බලධාරීන් අම්මාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල බලධාරීන්⁣⁣ට දන්වා ඇති අතර ඒ අනුව එම තානාපති කාර්යාලය නිලධාරීන් ⁣තිදෙනෙකු ඔවුන් සිටින ස්ථානයට ගොස් කතා කිරීමේදී ඇති වූ අනවබෝධයෙන් මෙම කලබලකාරී තත්ත්වය ඇති වූ බවද නියෝජ්‍ය සාමාන්‍යධිකාරිවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් මේ වනවිට තත්ත්වය පාලනය කර ඇති අතර එලෙස රැකියා අහිමිව එරට සි⁣රවී සිටි ලාංකික ශ්‍රමිකයින්ට හැකි ඉක්මනින් ලංකාවට ගෙන්වා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය. කටයුතු කරන බවද හෙතෙම කීය.

රැකියා අහිමි සිටින මෙම ලාංකික ශ්‍රමිකයින් ගැන තානාපති කාර්යාලය නිරන්තරයෙන් සොයා බලන බවද මංගල රන්දෙණිය මහතා කීය.

කලබලකාරී ලෙස හැසරුණු ලාංකික ශ්‍රමිකයින් කියා සිටින්නේ තමන්ට මාස පහක් තිස්සේ සිය සේවා ස්ථාන වලින් නිසි පරිදි වැටුප් නොලැබුනු බවත් , මේවන විට. තමන්ට ලැබුනුයේ දිනකට කෑම වේල් දෙකක් පමණක් යැයිද කියා සිටිති.

එබැවින් හැකි ඉක්මනින් තමන්ව දිවයිනට ගෙන්වා ගන්නැයිද ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

තිලිණි ද සිල්වා


RECOMMEND POSTS