ජාතිකඉතිරි කිරීමේ බැංකුවෙන් සෞදි ශ්‍රී ලාංකිකයින්ට නව සේවාවන්




සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන්  නව බැංකු සේවාවන් සහ මුදල්  හුවමාරු ක්‍රමවේදයන් පිලිබදව දැනුම්වත් කිරීමේ වැඩසටහන් කිහිපයකට සහභාගිවීම සදහා ශ්‍රී ලංකාවේ පැරණිතම  රාජ්‍ය බැංකුවක් වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරි (general manager/CEO) එස් ඩී එන් පෙරේරා මහතා රියාද් සහ නැගෙනහිර කලාප ආවරණය වන පරිදි වැඩමුළු කිහිපයක්ම පවත්වන ලදී 

විශේෂයෙන්ම මෙම ප්‍රවර්ධන වැඩසටහන් මාලාව සදහා තෝරා ගත් සිවිල් සංවිධාන අතරින් පසුගියදා  නැගෙනහිර පළාතේද සංචාරයක නියැලුන පෙරේරා  මහතා නැගෙනහිර  ශ්‍රී ලංකා සංස්කෘතික සංසදයේ නිලධාරින් සමගද බැංකු කටයුතු පිලිබදව පුළුල් ලෙස සාකච්චා කරන ලද අතර  සෞදි අරාබියේ වෙසෙන  ලාංකික ප්‍රජාවගේ පහසුව සදහා  තම බැංකුවේ  නියෝජිතයකු එවීම පිලිබදව සෞදි අරාබියානු බැංකු කිහිපයකම  ඉහළපෙලේ නිලධාරින් සමග සාකච්චා කල බවත් නුදුරු දිනකදේ එම ප්‍රතිචාර මත ජාතික ඉතිරි කිරීම් බැංකුවේ ස්ථාවර නියෝජිතයන්  කිහිප දෙනෙකු එවීමට කටයුතු කරන බවත් පවසන ලදී.

කෙසේ වුවද මේ වනවිටත් කිසිදු විදේශීය බැංකුවක නියෝජිතයකු  සෞදි අරාබියේ කිසිදු බැංකුවක අනුයුක්තව හෝ අනියම් ලෙස පෙනී සිටීමට සෞදි රජය මගින් පසුගිය කාලයේ පැනවූ නීතියත් සමග අහෝසි විය. ඒ අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පුත්ගලික  බැංකු මගින් මෙහි පැමිණ සිටි සියලුම  බැංකු නියෝජිතයින් හට මවු බිමට යාමට සිදු වුනි.

නැගෙනහිර කලාපිය සංස්කෘතික සංසදයේ  සභාපති ඇතුළු විධායක කොමිටි නිලධාරින් සහභාගී වූ මෙම ප්‍රවර්ධන වැඩසටහනහි හිටපු සභාපති එල් එස් පතිරාජ මහතා ඇතුළු කිහිප දෙනෙක්ම අදහස් දැක්වුහ.

 


ලලිත් ප්‍රේමලාල් 

 

 


RECOMMEND POSTS