ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් එක් රැස්කල පුද්ගලයෙක් අත්අඩංගුවට



ජපානයේ හා කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසමින් ගාල්ල ප‍්‍රදේශයේ තරුණ තරුණියන්ගෙන් මුදල් එක් රැස්කල පුද්ගලයෙක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුකත්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් ගාල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මොහු පිළිබඳ තොරතුරු ලද පසුව උපාය දුතයෙකු මාර්ගයෙන් ජපානයේ රැුකියාවක් අවශ්‍ය බව පවසා සම්බන්ධතා ගොඩ න`ගා ගෙන ඔහු අත් අඩංගුවට ගන්නා ලදැයි කාර්යංශය කියයි. 

උපාය දුතයාට ගුවන් ගමන් බලපත‍්‍රය ලබාදීමට නිවසට පැමිණෙන ලෙස සැකකරු දන්වා තිබූ අතර, එම අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම නිවස පරීක්‍ෂා කිරීමේදී සැකකරු භාරයේ ගුවන් ගමන් බලපත‍්‍ර 4ක් තිබූ අතර, මොහු රැුකියා අපේක්‍ෂිතයින්ට දේශපාලඥයින් මාර්ගයෙන් මෙසේ රැකියා ලබා දෙන බව පවසා තිබේ. එක් රැකියා අපේක්‍ෂිතයෙකුගෙන් මූලික ගෙවීමක් ලෙස රු.40000ක මුදලක් ලබා ගෙන ඇත. 

මෙසේ රැුකියා ලබාදෙන බව පවසා රාගම, මාතර, දෙණියාය, මිරිස්ස යන ප‍්‍රදේශ වල පදිංචි තරුණයින් 10 දෙනෙකුගෙන් පමණ මුදල් රැුස් කර ඇති අතර සැකකරු ගාල්ල, දෙවට, සියඹලාපේ යන ප‍්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි. 

මෙම වැටලීම සඳහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) කීර්ති මුතුකුමාරණ හා විශේෂ විමර්ශන අංශයේ කළමණාකරු අර්ජුන් මාහින්කන්ද යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පොලිස් පරීක්‍ෂක එම්.එස්.ඞී.අබේධීර, උප පොලිස් පරීක්‍ෂක එල්.පී.එම්.ආර්.ජයවර්ධන, පොලිස් සැරයන් එස්.ජේ.පී.රවින්ද්‍ර, විදේශ රැුකියා අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් නලින් රාජපක්‍ෂ, හා සුනිල් ශාන්ත යන මහත්වරුන් එක්වී සිටියහ. 


RECOMMEND POSTS