ජපන් අගමැතිගේ විශේෂ උපදේශක මෙරට සංචාරයක



ශ්‍රී ලංකාව සහ ජපානය අතර ද්විපාර්ශවීය සබඳතා වර්ධනය කිරීම සම්බන්ධයෙන් මෙරට නිල සංචාරයක නිරත වූ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ විශේෂ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී කොන්ටාරෝ සොනූරා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය.
 
ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ උපදේශකවරයා නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේ ඉකුත් 15 වැනිදාය.
 
විශේෂ උපදේශක කොන්ටාරෝ සොනූරා මහතා සිය නිල සංචාරය අතරතුරදී ජපන් ආධාර හා ප්‍රදාන යටතේ මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති කිහිපයක්ම නිරීක්ෂණය කිරීමට ද එක්විය.
 
සාගර ආපදා ප්‍රමාණ  සහ සාගර පරිසර ආරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ජපාන සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකා පැවැති ඒකාබද්ධ පුහුණ වැඩසටහන නිරීක්ෂණය කිරීමට ද හෙතෙම එක්විය. ජපන් ප්‍රදාන යටතේ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. 

RECOMMEND POSTS